27 C
Colombo
Friday, May 3, 2024

විපක්ෂයේ කෙනෙකුත් හෙට විශ්වාසභංගයට විපක්ෂව ඡන්දෙ දෙනවා – මහින්දානන්ද

- Advertisement -

උදය ගම්මන්පිළ මහතාට එරෙහි විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එරෙහිව විපක්ෂයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පමණ ඡන්දය පලකිරීමට නියමිත බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සහභාගී වෙමින්.

විශාල පිරිසක් නොවුනත් විපක්ෂයේ එක් අයෙකු හෝ දෙදෙනෙකු අවම තරමින් රජයට පක්ෂව ඡන්දය ල්බා දෙනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම විශ්වාසභංගය විපක්ෂය විසින් ගෙන ආවේ රජය අපහසුතාවයට පත් කිරීමට බවත්, සාමාන්‍යයෙන් රජයට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණය 155ක් වූවද ඊට වැඩි ඡන්ද ගණනකින් විශ්වාසභංගය පරාජය කරන බවට් අමාත්‍යවරයා අවධාරනය කර සිටිනවා.

උදය ගම්මන්පිළ යනු විෂය පිළිබඳ හසල දැනුමක් ඇති පරිණත දේශපාලඥයකු බවත් වසර 5ක ධූරකාලය තුල ඔහු ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රැගෙන යන තැන සියල්ලන්ටම දැකගත හැකිවනු ඇති බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...