31 C
Colombo
Tuesday, April 30, 2024

පකිස්තානයේ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයෝ ස්වයං ආරක්ෂාව සපයා ගැනීමට අවි ගනිති

- Advertisement -

පකිස්තානයේ චීන සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් තමන්ගේ ආරක්ෂාව සළසා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙි.

ඒ අනුව ඔවුන් අවි ආයුද දැරීමටත්, අවි පුහුණුව ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් දහස් ගණනක් සේවය කරන අතර ඔවුන්ට මෙන්ම එම ව්‍යාපෘතිවලටත් එරෙහිව බලුච් බෙදුම්වාදීන් සහ වෙනත් කණ්ඩායම්වලින් තර්ජන පවතී.

මේ හේතුවෙන් චීනය විසින් පකිස්තාන හමුදාවෙි තෝරාගත් බලඇණි වෙත විශේෂ ආධාර සහ උපකරණ ලබාදී අදාළ චීන ජාතිකයන්ගේ සහ ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

එසේ වුවද ප්‍රහාර සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට නොහැකි වී ඇති අතර මීට දෙසතියකට පෙර කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ උතුරු කොයිෂ්තාන්හි ඩාසු වේලි ඉදිකිරීම් ව්‍යාපෘතියට සේවකයන් රැගෙන යමින් තිබූ බස්රථයකට එල්ල වූ ප්‍රහාරයකින් චීන ජාතිකයන් නව දෙනෙකු මිය ගියේය.

මෙම පසුබිම තුළ අදාළ චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අදාළව ඔවුන් වෙත පුහුණුව සහ උපකරණ ලබාදීමේ විකල්ප වැඩපිළිවෙලක් වෙත යොමුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


RECENT ARTICLES - SINHALA

මහින්දානන්ද නිදොස් කොට නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා...

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...