33 C
Colombo
Saturday, May 4, 2024

මම දේශපාලනයට එනවා කියලා කියන කතා බොරු – විමුක්ති කුමාරතුංග

- Advertisement -

තමන් හට දේශපාලනයට පිවිසීමේ කිසිදු උවමනාවක් නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල පලකර තිබූ මාධ්‍ය වාර්තා හා තමන් අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

තමන් ඉකුත් වසර 21 පුරා මෙන්ම තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තිය සිදුකරමින් පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහා සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටින බව විමුක්ති කුමාරතුංග මහතා පවසනවා.

තවද තමන් මාතෘ භූමියට ආදරය කරන බවත් තමන්ගේ පෞද්ගලික හැකියාවන් තුළින් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සදහන් කරනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට ඔහුගේ කිසිම අදහසක් පැහැදිලිවම නොමැති බැවින් අනාගතයේ ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද නිවේදනයේ සදහන්.

එමෙන්ම ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමන් දැඩි උත්සාහයක් දරා ඇති බැවින් තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවද නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...