26 C
Colombo
Monday, April 29, 2024

පාරට ගිහිල්ලා බලන්න, පාරේ මිනිස්සු අඩුයි – ඇමති රෝහිත

- Advertisement -

රට වසා දැමීම ප්‍රමාණවත් අයුරින් සිදු වී නොමැති බවට චෝදනා එල්ලවන්නේ ඒ දෙස වපර ඇසින් බැලීම නිසා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කර්මාන්තශාලා වසා දමා. මෙරට අපනයන ක්ෂේත්‍රය කඩා වැටුණු පසු මෙරටට පැමිණෙන විදේශ විනිමය අහිමි වන බවත් ඒ හරහා රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලදී ගැනීමට නොහැකි වන බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේ රට තුල අර්බුධ ගොඩ නැගුණු පසු ඒ හරහා විපක්ෂයට සටන් පාඨ ගොඩනගා ගත හැකි බවත් රට වසා දමන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම කරුණ නිසා බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම රට වසා තැබීම අපහසු කාර්‍යයක් බවත් මෙරට රාජ්‍ය සේවය මෙන්ම එදිනෙදා ජීවිකාව සපයා ගන්නා ජනතාව මේ හරහා දැඩිසේ පීඩාවට පත්වන බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරන ලෙසයි.

එමෙන්ම, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ දින පවසා සිටියේ කොවිඩ් යනු සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් පමණක් බවත් උණකින් පසුව එය මගහැරී යන බවත් ය.

https://fb.watch/7E6Yf1y5Q4/


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...