26 C
Colombo
Wednesday, May 1, 2024

වැලිකඩ බන්ධනාගාරය ඉවත් කර එතන හෝටලයක් හදනවා – අගමැති

- Advertisement -

බොරැල්ලේ පිහිටි අක්කර 40 කින් යුත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය එම ස්ථානයෙන් ඉවත් කර එම ඉඩමෙහි හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම පරිශ්‍රයේ ඇති චැපල් වාට්ටුවත්, බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් ඇති භූමිය මේ සදහා යොදාගන්නා අතර එම ක්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැලසුම් කර අවසන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ආයෝජකයින් කිහිප දෙනෙකු මේ වන විටත් එහි වෘපෘති සඳහා එකඟතාවය පළකර ඇති බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑමේ අක්කර 200 ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇති.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ සාකච්ඡාවක් ඊයේ (06) දින Zoom යෙදුම හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

රුපියල් බිලියන 30 ක පිරිවැයකින් යුත් මෙම ව්‍යාපෘතිය 2024 වසරේදී අවසන් කිරීමට අපේක්ෂිත බව මෙම සාකච්ඡාවේදී නාගරික සංවර්ධන අධිකාරියේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අග්‍රාමත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ පවතින එල්ලුම්ගහද හොරණ මිල්ලෑවට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට රැගෙන යාමේදී කාන්තා රැදවියන් සමඟ සිටින දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන්නැයි අග්‍රාමත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...