28 C
Colombo
Saturday, May 4, 2024

පාසල් විවෘත කරන්න අපිට පහසුකම් නැහැ (VIDEO)

- Advertisement -

පාසල් නැවත ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් මෙරට සතුව නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඊයේ (06) දින මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් විවෘත කිරීම සුදුසුද නැද්ද යන කාරාණය ඉතාමත් සාපේක්ෂ ක්‍රියාවලියක් බවයි.

අවශ්‍ය මූලික පහසුකම් සහ සම්පත් ඇත්නම් විශාල වසංගතයක් මධ්‍යයේ වුවද පාසල් විවෘතව තැබිය හැකි නමුත් ෛඩකඩ පහසුකම්, සනීපාර්ක්ෂක පහසුමක් සහ ප්‍රවාහන පහසුකම් දියුණු රටවල් වල මෙන් මෙරට සතු නොවන නිසා පාසල් විවෘත කිරීම අපහසු කාර්‍යයක් බවට පත්ව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ සෞඛ්‍ය අංශවලින් අනුමැතිය ලද වහාම පාසල් විවෘත කිරීමට සූදානම් බවයි.

මීට අදාලව දැනටමත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් මේ සාකච්ඡා වට වලින් පසුව පාසල් විවෘත කිරීම පිළිබඳව නිසි සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, පසුගිය කාලයේදී කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට යොදාගත් ක්‍රමවේදයද මේ දිනවල සමාලෝචනය කෙරෙන බවයි ඔහු පැවසුවේ.

මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගුරුවරුන්ගෙන් 88% කට පමණ ලබාදී අවසන් බවත් කෑගල්ල, අම්පාර, පුත්තලම ,වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මේදිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...