34 C
Colombo
Monday, May 6, 2024

කබ්රාල්ට විශ්‍රාම වැටුප් 2ක්

- Advertisement -

ලබන සතියේ දෙවන වරටත් මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන බව බව sunday times වාර්තා කරනවා

මෑතකදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමය යටතේ ඔහුගේ හිටපු වසර 8 ක සේවා කාලය සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුපක් ලැබීමට නියමිත අතර ඔහුගේ දෙවන ධූර කාලය අවසන් වන විට තවත් විශ්රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබන බවයි පුවත්පත පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙවර ඔහුගේ වැටුප මීට පෙර ඔහු ධූරය හොබවද්දී ලද වැටුපට වඩා ඉහළ බැවින් නව විශ්‍රාම වැටුප ඔහුගේ අනෙක් විශ්‍රාම වැටුපටද වඩා ඉහළ වනු ඇති බවත් පුවත්පත පෙන්වා දෙනවා.

මේ අතර, කබ්රාල්ට ඉඩ දෙමින් විශ්‍රාම යන මහබැංකුවේ වසර දෙකක් පමණක් සේවය කළ ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් හට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලැබීමටද නියමිත බවත් පැවසේ.

හිටපු සහ වත්මන් මහබැංකු අධිපතිවරුන් කිහිප දෙනෙකු සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුප් ගෙවීමට මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කළා . මුදල් මණ්ඩලය මහබැංකු අධිපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ. මහබැංකු මහලේකම් කාර්යාලීය දෙපාර්තමේන්තුව එම තීරණය ක්‍රියාත්මක කරමින් හිඟ ගෙවීම් සඳහා කටයුතු කරමින් සිටියි.

අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 10 ක සේවා කාලයක් අනිවාර්‍යව තිබියදීත් නව යෝජනා ක්‍රමය යටතේ සියළුම මහබැංකු අධිපතිවරුන් සිය සේවා කාලය නොසලකා විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබයි.

මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය කබ්රාල් මහතා තමාට විශ්රාම වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් පසුව මුදල් මණ්ඩලය විසින් මෙම කාරණය ගැන අවධානය යොමු කළේය. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කබ්රාල් මහතා 2006 ජූලි 1 සිට 2015 ජනවාරි 8 දක්වා මහබැංකු අධිපති ලෙස සේවය කළ බවත් ඔහුගේ පත්වීම් ලිපි‍යේ ඔහුට විශ්‍රාම වැටුපක් හිමි බව සඳහන්ව ඇති බවත් ය.

කෙසේ වෙතත්, 1998 වසරේ සිට මහබැංකු අධිතිවරුන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකීවේ එය යෝජනා කළ යුතු හ බැංකු ආයතනික කළමනාකරණ කමිටුවේ ප්‍රධානීත්වයත්, එය අනුමත කළ යුතු මුදල් මණ්ඩලයේ සභාපතීත්වයත් යන තනතුරු දෙකම මහබැංකු අධිපතිවරයා විසින් දැරීම හේතුවෙන් එසේ සිදුකරන අනුමත කිරීමක් ආචාරධර්ම ඉක්මවා යාම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේත් කබ්රාල් මහතා මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර එවකට සිටි මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලද අතර නව පාලනතන්ත්‍රය යටතේ ඔහු සිය උත්සාහයන් නැවත අරඹා ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

එමෙන්ම, පසුගිය 6වනදා පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වා දුන් ආකාරයට මහබැංකු අධිපතිවරයෙකුගේ යෝජිත විශ්‍රාම වැටුම මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප ඉක්මවවා ගොස් ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප මෙන්ද 15ගුණයක තරම් ඉහළ වැටුපක් වනවා.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...