27 C
Colombo
Tuesday, May 7, 2024

මහින්දට ඉතාලියේදී හූ කිව්ව කතාව බොරුවක් (වීඩියෝ)

- Advertisement -

G 20 අන්තර් ආගමික සමුළුව සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසට ඔවුන් ලැගුම් ගෙන සිටන ඉතාලියේ බොලොඤ්ඤා හි හෝටලය අසල දී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික හා ඉතාලි ජනතාව ඊයේ (12) හූ කියූ බවට වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයන් හී හුවමාරු වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් News19 සිදුකල සොයාබැලීමේදී වාර්තා වූයේ එම වීඩියෝවේ රූප සත්‍ය වුවද හඩ සංස්කරණය කර ඇති බවයි.

බොලොඤ්ඤා හි හෝටලය අසලට රැස්ව සිටි පිරිස අත කිසිදු විරෝධතා පුවරුවක් හෝ කළු කොඩියක් දක්නට නොලැබුණු අතර ඇතැමෙක් අග්‍රාමාත්‍යවරයාට අතට අත දෙන ආකාරයද දක්නට ලැබෙනවා.

බොහෝ දෙනෙක් අග්‍රාමාත්‍යවරයාව වීඩියෝ කරමින් සිටින අතර මෙම සංස්කරණය කරන ලද වීඩියෝවේ හඩෙහි දැක්වෙන්නේ වාහනයට ගොඩවීමට පෙර එකවර අග්‍රාමාත්‍යවරයාට විශාල පිරිසක් හූ කියන ආකාරයයි.

මෙම වීඩියෝවම තවත් ආකාරයකින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

නමුත් එහි කිසිදු ආකාරයකින් අග්‍රාමාත්‍යවරයා වාහනයට ගොඩවීමට පෙර විශාල පිරසක් හූ කියන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම එම අවස්ථාවම තවත් කෝණයකින් රූගත කළ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

එම වීඩියෝවේද අග්‍රාමාත්‍යවරයා වාහනයට ගොඩවීමට පෙර රැස්ව සිටි පිරිස හූ කියන ආකාරයේ කිසිදු සිදුවීමක් සිදු නොවන අතර අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැස්ව සිටි පිරිස අතරට පැමිණි විට “ජයවේවා ශිරන්ති මැඩම්” ලෙසට රැස්ව සිටි පිරිස ඇයට ආමන්ත්‍රණය කරන අයුරු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ඇයි වාහනයට ගොඩවීමට යන අවස්ථාවේදී රැස්ව සිටි පිරිසෙන් කොටසක් අත්පුඩි ගසමින් කෙටි හූවක් කියන ආකාරය දක්නට ලැබුණද එය විරෝධය පලකර ආකාරයේ හූවක් නොවන බවයි දක්නට ලැබෙන්නේ.


RECENT ARTICLES - SINHALA

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06...

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...