31 C
Colombo
Saturday, May 4, 2024

පොළොන්නරුව ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වදියි (වීඩියෝ)

- Advertisement -

පොළොන්නරුව ලංකාතිලක පිළිම ගෙයට ඊයේ (19) රාත්‍රියේ අකුණු සැරයක් වැදී ඇති බවට වාර්තා වනවා.

පිළිමගෙයට මෙවැනි දෙයක් සිදුවී ඇත්තේ පළමු වතාවට බවයි පුරා විද්‍යා නිලධාරීන් පවසන්නේ.

ලංකාතිලක පිළිමගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වන අතර චූලවංශයට අනූව එය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් සේ සැළකෙනවා.

ලංකාතිලකය පරාක්‍රමභාහු රජු විසින් ඉදිකරනු ලැබූ විහාර අතර විශාලතම ප්‍රථිමා ගෘහය ලෙස හැඳින්වෙනවා.

ගඩොලින් නිමවා ඇති එහි වහළ වෘත්තාකාර ස්වරූපයක් ගන්නා බැවින් ගෙඩිගේ සම්ප්‍රදායට අයත් යැයි විශ්වාස කෙරෙනවා.

ප්‍රතිමා ගෘහය ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය ලෙස කොටස් තුනකින් සමන්විතයි.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...