33 C
Colombo
Saturday, May 4, 2024

ඒලියන්ත වයිට් මාලිංගට කළ හාස්කම

- Advertisement -

කොවිඩ් -19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් ඊයේ(22) දින අභාවප්‍රාප්ත විය.

ඔහු සම්බන්ධව මෙරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණා

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටින්නේ තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් හාස්කමකින් සුව කළ බවයි.

“2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න!
ඔබට අමා මහ නිවන් සුව පතමි!” යැයි එම සටහනේ සඳහන් වේ

ඒලියන්ත වයිට් අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.

ඔහු ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහාද සම්බන්ධ වූ බවට මෑතකදී මාධ්‍ය වාර්තා කළා.


RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...