කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණි.
ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.
කොවිඩ් -19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් ඊයේ(22) දින අභාවප්‍රාප්ත විය.
මියයන විට 48වැනි වියෙහි පසු වූ ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
ඒලියන්ත වයිට් අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.
ඔහු ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහාද සම්බන්ධ වූ බවට මෑතකදී මාධ්‍ය වාර්තා කළා.