27 C
Colombo
Friday, May 3, 2024

අපි මැරිලා යයි; රටේ දේවල් ඉතුරු කරන්න – චන්දිම

- Advertisement -

රටට අහිතකර විදේශ ගිවිසුම් වලට එළඹිය නොයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඒ, ඊයේ (25) දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මීට පෙරද මෙවැනි යෝජනාවකට විරුද්ධ වීම නිසා සිය කැබිනට් අමාත්‍යධූරය පවා වෙනස් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒම සම්බන්ධව කිසිදු ආකාරයක විරුද්ධතාවයක් නොමැති නමුත් ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ස්වාභාවික වායු සැපයීමේ කොන්තරාත්තුව දිගුකාලීනව යම් පාර්ශවයකට ලබාදුනහොත් ශ්‍රී ලංකාවට ස්වාභාවික වායු උකහා ගැනීම සඳහා ආයෝජනය කිරීමට හැකියාවක් නොමැතිවන බවයි ඔහු පවසන්නේ.

“මම ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටිනවා ජනාධිපතිතුමාගෙනුත්, කැබිනට් මණ්ඩලයනුත්, මොකද අපිට මේ පිළිබඳ අදහස් දක්වන්න අවස්ථාවක් නැහැ. මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්න.

අපි කවදා හරි මැරිල යයි නමුත්, අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්, මේ රටේ බලශක්තිය ආරක්ෂා කරන්න. මේ රට තුළ තිබෙන තිබෙන ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට අරගෙන අපේ ණය ටික නැති කරන්න. අපි රට ගොඩනඟන්න තියෙන අවස්ථාව නැති නොවන ආකාරයෙන් මේ ගිවිසුම්වලට එළඹීම සිදුවිය යුතුයි කියන කාරණය තමයි මට කියන්න තියෙන්නේ ” යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...