29.7 C
Colombo
Sunday, April 28, 2024

එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

- Advertisement -

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනෙකු සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනිය ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට්ෙපුර ග්‍රාම නිලධාරිනිය තම සැමියා අතුරුදන් ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබු පසුබිමක පසුගිය අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා තිබුණා.

පසුව අනාවරණ වුණේ, හමු වූ මළ සිරුර මෙම කාන්තාවගේ සැමියා වන තොටළඟ – අරුණ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ – උතුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.

පසුව හෙළිව තිබුණේ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණුහේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වන කෝප්‍රල්වරයෙකු සමග අනියම් සබදතාවක් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ කාන්තාව මුලින් අත්අඩංගුවට ගැනුණු අතර එහි දී ඇය විසින්, අදාළ බුද්ධි නිලධාරියා ඇතුළු හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වන දා යුද හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු එල්ලේ ක්‍රීඩකයාගේ සිරුර කළු ගල් පිරවූ බෑගයක ගැට ගසා මෙම හමුදා සාමාජිකයින් විසින් පෑලියගොඩ – කළු පාලමෙන් කැලණි ගඟට දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ග්‍රාම නිලධාරී කාන්තාව සමග අනියම් සබදතා පැවැත්වූ යුද හමුදා බුද්ධි නිලධාරියා විසින් එල්ලේ ක්‍රීඩකයාව ඝාතනයට පෙර හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා දැනුවත් කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටින බවටයි.

ඒ අනුව ඔහුව ඝාතනය කිරීමට එම කදවුරේ අණ දෙන නිලධාරියා ද අනුබල දී ඇති බවට බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...