30 C
Colombo
Friday, May 3, 2024

ජෝසප් ස්ටාලින්ව උස්සගෙන ගියේ මම විතරයි – ඇමති සරත්

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ලේකම් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව ‘උස්සාගෙන යෑමට’ හැකිවූයේ තමන්ට පමණක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (30) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති ‘ඇමතිතුමාගෙන් අහන්න – සෞභාග්‍යයේ සංවර්ධන කතිකාව’ හා එක්වමින්.

එලෙස ‘උස්සගෙන යාම’ සම්බන්ධයෙන් ද තමාට මඩ ගැසූ බවත් චෝදනා කළ නමුත් එතෙක් එවැනි විරෝධතා වලට එරෙහි නොතිබූ නියෝගයක් තමන් ලබා දුන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ මුහුණ දෙස බැලූ විට ඔහුට රට ගැන හැඟීමක් ඇති බවක් නොපෙනෙන බවත් රට වසංගතයකට මුහුණ දී සිටින අවස්ථාවක වැඩි පඩි ඉල්ලීමට ඔහු ගුරුවරුන් නොමග යැවූ බවත් සරත් වීරසේකර මහතා පවසනවා.

“මෘදු ප්‍රතිපත්ති ගෙනියන්න නරකයි. අපි යම්කිසි දැඩි පියවරක් ගන්නෝනෙ. නැත්තන් අපිට මේ රට හදන්න බෑ. කඩාකප්පල්කාරීන්ට විරුද්ධව මම නම් පොලිසිය භාර ඇමති විදිහට දැඩිව ක්‍රියාකරනවා” යැයි ඔහු අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...