33 C
Colombo
Saturday, May 4, 2024

එල්ලේ කණ්ඩායමේ නායකයා ඝාතන නඩුවේ ලුතිතන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

- Advertisement -

තොටළඟ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා, කොප්‍රල්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයින් 15 දෙනා සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිද ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (01) නියෝග කළා.

ඒ ඝාතන සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න, මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය, කෝප්‍රල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් 15 දෙනෙකු බන්ධනාගාරය මගින් අධිකරණය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

මෙම සැකකාර හමුදා නිලධාරින් බුද්ධි නිලධාරීන් වන බැවින් ඔවුන්ට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කරන මෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළද අතිරේක මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ සැකකරුවන් මෙම අපරාධය බුද්ධි මෙහෙයුමකින් සිදුකරන ලද්දක් නොවන බැවින් තමා එවැනි නියෝගයක් නිකුත් නොකරන බවයි.

තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි නැමැති 37 හැවරිදි තිදරු පියෙක් අගොස්තු මස 17 වන දින පැහැරගැනීමෙන් අනතුරුව ඝාතනය කර සිරුර අත්පා ගැට ගසා කැළණි ගඟට දමා තිනු අතර එය 20 වනදා මට්ටක්කුලිය කාක්ක දුපතට ගොඩ ගසා තිබුණා.


RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...