33 C
Colombo
Thursday, May 2, 2024

පැන්ඩෝරා පත්‍රිකා: සචින් තෙන්දුල්කාර්ගේ රහස්‍ය මූල්‍ය ගණුදෙනුත් කරළියට

- Advertisement -

බිලියනපතියන් 100 කට වැඩි ගණනක, ලෝක නායකයින් 30 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300කගේ රහස් අක්වෙරළ ගනුදෙනු සහ මිලියන ගණනක සැඟවුනු වත්කම් පිළිබඳව ඉතිහාසයේ කාන්දු වූ විශාලතම ලිපි ලේඛන ප්‍රමාණය ලෙස සැලකෙන ‘පැන්ඩෝරා පත්‍රිකා’ වල ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් තරුවක් වන සචින් තෙන්දුල්කාර්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳවද සඳහන්ව ඇති බව The Indian Express වාර්තා කරයි.

ඔහු, ඔහුගේ බිරිඳ වන අංජලී තෙන්ඩුල්කාර් සහ මාමණ්ඩිය වන ආනන්ද් මෙහ්තා කොටස්කරුවන් සහ අධ්‍යක්ෂවරුන් වන බ්රිතාන්ය වර්ජින් දූපත් හි පිහිටුවාගත් Saas International Limited සමාගම පිළිබඳව කරුණු මෙලෙස හෙළිවී ඇත.

එම සමාගම පිළිබඳව පැන්ඩෝරා වාර්තාවල පළමු සඳහන 2007 දක්වා පසුපසට දිවෙන අතර වඩාත් සවිස්තරාත්මක ලේඛන සමූහය සහ සමාගමේ අයිතිකරුවන් සඳහා වූ මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ලැබෙන්නේ 2016 ජූලි මාසයේදී සමාගම විසුරුවා හැරීමෙන් පසුවයි.

සමාගම විසුරුවා හැරීමේදී එහි කොටස් ලැයිස්තුගත වටිනාකමට අනුව කොටස් හිමියන් විසින් ආපසු ලබා ගන්නා ලද්දේ පහත පරිදිය:

· සචින් තෙන්ඩුල්කාර් (කොටස් 9): ඩොලර් 856,702

· අංජලී තෙන්ඩුල්කාර් (කොටස් 14): ඩොලර් 1,375,714

· ආනන්ද් මෙහ්තා (කොටස් 5) ඩොලර් 453,082

මේ අනුව, සාස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් හි කොටස් වල සාමාන්‍ය ආපසු ගැනීමේ මිල ඩොලර් 96,000 ක් පමණ වේ.

එමෙන්ම, පැන්ඩෝරා පත්‍රිකා වැනිම හෙළිදරව්වක් වූ ‘පැනමා ලේඛන’ හෙළිදරව්වෙන් මාස තුනකට පසුව සාස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් දියකර හැරීම විශේෂ වේ. මෙහිදී සමාගමේ ස්වේච්ඡා විසුරුවා හැරීමේ නිලධාරියා ලෙස පැනමා ජාතික ජෝන් බී ෆොස්ටර් පත් කරන ලදී.


RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...