28 C
Colombo
Sunday, May 5, 2024

විදුලි බල මණ්ඩලයත් වැඩ වර්ජනයකට සූදානමෙන්

- Advertisement -

විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමෙන් සිටින බවට වාර්තා වෙනවා.

මෙරට සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ඔවුන් පවසන්නේ.

වරාය, ඛනිජ තෙල් මෙන්ම විදුලිබල මණ්ඩලය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට යොමුවුවහොත් ‍රජයට විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කෙසේ නමුත්, වැඩ වර්ජනය අවසන් ක්‍රියාමාර්ගය වන බැවින් වෘත්තීය සමිති එතැනට තල්ලු නොකරන ලෙස රජයට දැනුම් දෙන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...