32 C
Colombo
Sunday, May 5, 2024

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව පැමිණිල්ලක්

- Advertisement -

රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ රෝහල් ගත වී ප්‍රතිකාර ලැබීමට තරම් තුවාල සහිත පහරදීමක් තමන්ට සිදුකර තිබියදීත් පහරදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

මේ අතර අදාළ පුද්ගලයාට අහේතුකව සිදුකල පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතිබව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කිරීමටද සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මීට පෙර අවස්ථාවන් කිහිපයකදිම අශෝභන ලෙස හැසිරීම නිසා ඔහුට ලැබිය යුතු උසස්වීම් පවා අහිමිවී ගිය බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...