27 C
Colombo
Monday, May 6, 2024

චීන පොහොර සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීන සමාගම වන සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබෙනවා.

තම සමාගමේ පොහොර තොගයේ අහිතකර බැක්ටිරියා ඇති බවට ව්‍යාජ වාර්තා නිකුත් කිරීම මගින් සමාගමට මූල්‍යමය පාඩුවක් හා කීර්තිනායමට හානියක් සිදුව ඇති බවට අදාල එන්තරවාසියේ සදහන්.

‍තම සමාගමට සිදුවූ මෙම හානිය හේතුවෙන් නොවැම්බර 5 දා සිට දින 3ක් ඇතුළත ඩොලර් මිලියන 8 ක වන්දිය ගෙවන ලෙස සඳහන් කරමින් ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාරය ඩබ්.ඒ.ආර්.ටි. වික්‍රමාරච්චි මහතා වෙත මෙම එන්තරවාසිය යොමුකර තිබෙනවා.

සමාගම සිය එන්තරවාසියෙන් වැඩිදුරටත් පවසන්නේ සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක් යටතේ ජීවානුහරණය කරන ලද සිය පොහොර තුළ එර්වේනියා නැමැති බැක්ටීරියාව අඩංගු විය නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...