32 C
Colombo
Saturday, May 4, 2024

මුරුත්තෙට්ටුවේ හිමිගේ කුලපති ධූරයට GMOA විරෝධය (වීඩියෝ)

- Advertisement -

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධූරය දැරූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හට කොළඹ විශ්ව විද්‍යාලය වැනි වැදගත් ස්ථානයක කුලපති ධූරය ලබාදීම තම සංගමය තරයේ හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

කොළඹදී අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේ මෙලෙස දේශපාලන හිතවත්කම් මත වැදගත් විශ්වවිද්‍යාලවල කුලපතිකම් ලබාදුනහොත් එම විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධිය පවා අන්තර්ජාතිකව නොපිළිගන්නා තත්ත්වයකට පත්වන බවයි.

වත්මන් රජය බලයට පත්වූයේ හිතවත්කම් මත දේශපාලන පත්වීම් නොදෙන බව පවසමින් උවද මේ වන විට එම තත්ත්වයද වෙනස් වී ඇති බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හට අවබෝධයක් හා අත්දැකීමක් ඇති දේශපාලන හෝ වෘත්තීය සමිතිවලට අදාළ පත්වීමක් ලබාදීමට විරුද්ධ නැතත් විශ්ව විද්‍යාලයක කුලපති ධුරයක් වැනි වගකිව යතු සහ සුදුසුකම් සපුරා ලබාගත යුතු තනතුරක් ලබාදීම කිසිසේත් අනුමත නොකරන බවට එම සංගමය වැඩිදුරටත් සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...