සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරට අදාල ප්‍රධාන ඝාතන සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කොට තිබෙනවා.
ඒ, සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුනේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි.
සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය ආසන්නයේ මාර්ගය අසල කසල ගොඩක තිබියදී කාන්තා මළ සිරුරක් හමුවූයේ ඉකුත් 04 වනදායි.
ඝාතනයට ලක්වූ කාන්තාව මොහොමඩ් සාෆි ෆාතිමා මුන්තාස් නමැත්තියක් බවට පසුව හදුනා ගැණුනා.
කොළඹ 10, රම්සා පෙදෙස ,මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මියගිය කාන්තාව පසුගිය 28 වැනිදා සිය යෙහෙළියක සමඟ මාලිගාවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගොස් තිබුණද ඉන්පසුව ඇය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරුක් නොමැති වීම නිසා ඇගේ සැමියා පසුගිය පළමු වැනිදා ඒ පිළිබඳ බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර තිබුණා.
එමෙන්ම ඇය දැඩි ලෙස සූදුවට යොමුවූ තැනැත්තියක් බවත් අතුරුදන් වූ දිනයේත් සූදුවෙහි නිරත පුද්ගලයින් සමඟ සිට ඇති බව වාර්තා වී ඇතැයි ද පොලීසිය සඳහන් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, අත් පා ගැටගසා ගමන් මල්ලක බහා තිබියදී හමුවූ එම කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අඹු-සැමි යුවළක් බවත් සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් වාහනය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසා සිටියා.
එම අඹු – සැමි යුවළකගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ සිය සොහොයුරෙකුද සමග එක්ව සමිට්පුර ප්‍රදේශයේ දී ෆාතිමා ඝාතනයට ලක් කළ බවයි.