33 C
Colombo
Saturday, May 4, 2024

විපක්ෂයේ විරෝධතා රැළිය නවතියි?

- Advertisement -

සමගි ජන බලවේගයට ලබන 16වැනිදා කොළඹ හයිට් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවා තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුකූලවයි.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරීයාගෙන් අවසර ලබාගත යුතු අතර එසේ අවසර ලබානොගෙන එවැනි ක්‍රියාකාරකම්වල නිරතවිය නොහැකි බව සඳහන් වේ.

කෙසේ නමුත් සමගි ජන බලවේගය පවසන්නේ රජයේ ගැසට් නිවේදන නොසලකා “සාපය දැන් ඇති – අපි එනවා කොළඹට” යන මැයෙන් පැවැත්වෙන විරෝධතාවය පවත්වන බවයි.

“අපි දැක්කා ආණ්ඩුව පක්ෂ සම්මේලනය නෙළුම් පොකුණේ පැවැත්වුවා. ඒකට සෞඛ්‍ය නීති රෙගුලාසි නෑ. ආණ්ඩුව මොන නීතිරීති දාලා මේක මර්දනය කරන්න හැදුවත් මේක නවත්වන්න හැදුවත් සමගි ජන බලවේගය හැටියට අපි ඒකට මුහුණදීගෙන ගොවි ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන්, රජයේ සේවකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවා.” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...