33 C
Colombo
Tuesday, April 30, 2024

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් CID ය පැය 08කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

පෙරවරු 9.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන්ගෙන් පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනුනු අතර පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ ප.ව 5.45ට පමණයි.

මෙහිදී මාධ්‍යවේදීන් ට අදහස් දක්වමින් පියතුමන් සඳහන් කර සිටියේ, හෙට දිනයේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිය යුතු බවය.

 ” කිසි ප්‍රශ්නයක් නෑ. බොහෝම සුහදව සහයෝගයෙන් යුතුව සිටිය සෑම නිලධාරියෙක් ම අපිට උදව් වුණා. නීතිඥතුමාට ඇතුළට යන්න ඉඩදුන්නා. අපි හෙට බලමු. දීර්ඝ කාලයක් අද ගියාට වෙබ් සෙමිනා එකේ මම දුන්න උත්තරය සටහන් කරගත්තා නැවත. ප්‍රශ්න කිහිපයක් පමණයි අද අහන්න ඉඩ තිබුණේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තියෙන තොරතුරු දෙන්න කියන එක නෙමෙයි.  මම එදා දීලා තිබුණ පිළිතුර සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ. ඒවා ප්‍රසිද්ධ වාර්තා දෙකක්. ඒවා අපි කියන්න ඕනේ නෑ CIDයට. ඒක ජනාධිපතිතුමා නීතිපතිවරයාට භාරදුන්න එකක්. ඒවා ප්‍රසිද්ධ දේවල්. කොමිසන් සභාවල සාක්ෂි විමසලා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ අඩු ගානේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. ඒක නීතිපතිවරයාගේ අතේ තියෙන්නේ. නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ.” 


RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...