29 C
Colombo
Sunday, May 5, 2024

පාදෙණියගේ බිරිදට සැත්කම කළේත් වෛද්‍ය සාෆී..!

- Advertisement -

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් 17 දෙනෙකුට මේ වන විට දරුවන් ලැබී ඇති බවත් ඉන් 10 දෙනෙක් සිය පැමිණිලි ඉල්ලා අස්කරගෙන ඇති බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

එබැවින් ආයතන සංග්‍රහයට අනුකූලව ඔහුව නැවත සේවයේ පිහිටුවීමට තීන්දුවක් ලැබුණද එම තීන්දුව ලද විගස රජය කලබල වී නැවත ඔහුට එරෙහිව චෝදනා නගමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දරන මතය දැණගැණීමට කැමති බවත් වෛද්‍ය පාදෙණියගේ දෙවන දරුවා ප්‍රසූත කිරීමේදී සිසේරියන් සැත්කම සිදුකර ඇත්තේද වෛද්‍ය සාෆි බවට තොරතුරු ලැබී ඇති බවත් එබැවින් වෙන කිසිවෙකු පෙනී නොසිටියත් වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත්තේ වෛද්‍ය පාදෙණිය මහතා බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

“තමන්ගේ දරුවව ලබා ගන්න උදව් කරපු වෛද්‍යවරයා සාෆි. හැබැයි තමන්ගේ ආණ්ඩුවට කඩේ යන්න, තමන්ගේ තනතුරු ටික රැක ගන්න එදා වෛද්‍ය සාෆිව පාවලා දීලා අද මුණිවත රකිනවා. තවත් වරක් වෛද්‍ය සාෆි මහත්තයව පාවිච්චි කරන්න එපා කියලා අපි කරුණාවෙන් කියනවා.”


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...