31 C
Colombo
Saturday, May 4, 2024

වැඩවර්ජන කරන අයව බුද්ධි අංශ දාලා හොයන්න ඕනෙ..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි

- Advertisement -

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.

උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන්ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව බුද්ධි අංශ පවා එම යාන්ත්‍රණයට ඇතුළත් කළයුතු බවත් අදාල යාන්ත්‍රණය පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා.

වසර 72 ක් පුරා රට ආපස්සට යාම සඳහා උද්ගෝෂණ, වැඩවර්ජන ප්‍රබල හේතුවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ වැඩවර්ජන, උද්ගෝෂණ සිදු කරන පුද්ගලයන්ට රට ආපස්සට හැරවීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...