33 C
Colombo
Wednesday, May 8, 2024

‘තෙල් ටැංකි යළි රටට’ ගත් බව කියන්න කෝටි ගණනක මුදලක් ප්‍රචාරණයට

- Advertisement -

‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට’ නමින් මේ වන විට වෙළෙඳ දැන්වීම් විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.

මේ පිළිබදව News19 කළ සොයාබැලීමේදී වාර්තා වුණේ ඒ වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය රුපියල් කෝටි ගණනක ප්‍රචාරක වියදමක් සිදුකෙරෙමින් පවතින බවයි.

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 2022.01.06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර බෙදී යන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24 කුත්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම – ටැංකි 61 කුත්, ඉන්දියානු ලංකා තෙල් සමාගම වෙත ටැංකි 14 කුත් ලැබෙන බවට එම අමාත්‍යංශය සදහන් කළා.

මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් විනාඩි 01.06 ක, විනාඩි 01.03 ක හා තත්පර 21 ක රූපමය වෙළෙඳ දැන්වීම් තුනක් නිර්මාණය කර තිබෙනවා. (අදාළ වෙළෙඳ දැන්වීම් පහතින්)

අදාළ වෙළෙඳ දැන්වීම් තුන මේ වන විටත් සියලුම රූපවාහිනී නාලිකා වල මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන අතර විනාඩියක් වැනි කාලයක වෙළෙඳ දැන්වීමක් එක් වරක් විකාශය කිරීමට පවා රූපවාහිනී නාලිකාවක් විශාල මුදලක් අය කෙරෙනවා.

එම දැන්වීම කාර්ය බහුල අවස්ථාවල එනම්, ජනතාව රූපවාහිනිය වැඩිවශයෙන් නරඹන (Peak Time) වේලාවන්හීදී ප්‍රචාරය කිරීමට ඊටත් වඩා වැඩි මුදලක් රූපවාහිනී නාලිකා අයකරනවා.

මීට අමතරව මෙම දැන්වීම ගුවන්විදුලි නාලිකාවල මෙන්ම ‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි රටට’ නමින් සකස් කරන ලද පුවත්පත් දැන්වීම් මගින්ද ප්‍රචාරය කෙරෙනවා.

එමෙන්ම මෙවැනි ආකාරයේ දැන්වීම් නිර්මාණය කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණ ආයතන විශාල ප්‍රමාණයෙන් මුදල් අය කෙරෙනවා.

තෙල් සංස්ථාව මෙන්ම රටද දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක ආණ්ඩුවට ප්‍රචාරයක් ලබාගැනීම වෙනුවෙන් මේසා විශාල ප්‍රචාරක වියදමක් දැරීම දැවැන්ත මුදල් නාස්තියක් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...