30 C
Colombo
Saturday, May 4, 2024

වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිදුවීමෙන් අරුන්දික නිදොස් කොට නිදහස්

- Advertisement -

පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රියේ රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (03) භාර දුන්නා.

එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බව අදාළ කමිටුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂාකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබූවා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, යම් ක්‍රියාවන් කළ බවට පිළිගැනීම නිසා මුදල් හා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

වාර්තාවේ දැක්වෙන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා සිය මිතුරන් සමග ප්‍රමාදයකින් තොරව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතිබවයි.

ඒ අනුව, පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදාගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනය භාර රාජ්‍ය ආයතනයටත්, මෙය පූර්වාදර්ශයට ගෙන බාහිර පාර්ශ්වයන්ට නේවාසිකාගාර පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සැකසීමටත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නැති බව පරීක්ෂණයේ දී නිරීක්ෂණය වූ බව කමිටුව සඳහන් කරනවා.

සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂී අයෙකු බව නිගමනය කරන බවද අදාළ කමිටු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...