26 C
Colombo
Wednesday, February 19, 2025

මම සිද්ධියට සම්බන්ධ නැති නිසා පුතාව පොලීසියට භාර දුන්නා – අරුන්දික (වීඩියෝ)

- Advertisement -

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට අදාළව තමන්ගේ පුත්‍රයා රාගම පොලීසිය වෙත භාර දුන් බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙක් මීට පෙර ඇතිවූ සිදුවීමකදී පහරකෑමට ලක්ව ඇති බවත් එම සිසුවාත් තමන්ගේ පුත්‍රයාත් එකම පන්තියේ ඉගෙනුම ලබන බවත් මේ හේතුවෙන් තමන්ගේ පුත්‍රයා මීට මැදිහත්වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම පහරදීමට 6 පමණ කණ්ඩායමක් මිස 15 ක පමණ කණ්ඩායමක් නොගිය බවද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පරීක්ෂණයකින් එවැන්නක් ඔප්පු වුවහොත් තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පැවසූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

නමුත් මාධ්‍ය අමතමින් ඊයේ (02) දිනයේද අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් සිදුකලද තමන්ගේ පුතා ඊට සම්බන්ධ බවට කිසිදු සදහනක් නොකිරීමද විශේෂත්වයක්.

මේ අතර එමෙන්ම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුන්වන වසරේ වෛද්‍ය සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහාද රෝහලට පැමිණියා.

එහිදී රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාගේ මව වන විශේෂඥ වෛද්‍ය කේ.ඩී.සී. පරණවිතාන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි අතර ඇය එහිදී කියා සිටියේ සිසුන් අතර පවතින ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 6 දෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් 6 දෙනා එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES