27 C
Colombo
Monday, May 6, 2024

රූපවාහිනීයේ පඩි ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් කෝටි 24ක් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ මාස 06ක කාලයකට අදාළ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි එහි පාලනාධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවනවා.

ඉකුත් පෙබරවාරි මස සිට ලබන ජූලි මාසය දක්වා කාලය තුළ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

සංස්ථාවේ ආදායම පහත වැටීම හේතුවෙන් උපයන ආදායම සේවක වැටුප් ගෙවීම හා අත්‍යවශ වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් නොවන බව රූපවාහිනි පාලනාධිකාරිය මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබෙනවා.

සංස්ථාවේ ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වන අතර, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මාසිකව හිමිවූ රුපියල් කෝටි තුනහමාරක පමණ ආදායම අහිමිවීම මීට බලපා ඇතැයි රූපවාහිනි සංස්ථාව පවසනවා.

රූපවාහිනී සංස්ථාවේ සේවක සංඛ්‍යාව 862 ක් පමණ වන අතර ඔවුන්ට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් කෝටි නවයක පමණ මුදලක් වැයවන බවයි සංස්ථාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයක සේවකයින් හට ජනවාරි මාසයේ සිට රුපියල් 5000 ක අමතර දීමනාවක් ගෙවීම ඇරඹීම හේතුවෙන් මාසිකව තවත් ලක්ෂ 50ක අමතර වියදමක් කිරීමට සිදුව ඇති බවද රූපවාහිනි සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...