25 C
Colombo
Thursday, May 9, 2024

මල්වාන නඩුවෙනුත් බැසිල් නිදහස් වන ලකුණු

- Advertisement -

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ අක්කර 10ක් මිළට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට එරෙහි නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව නීතිපති දෙපාර්තුමේන්තුව ඊයේ (25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අදාළ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.

නඩුව කැඳවු අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර සිටින බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා ද මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙහිදි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කියා සිටියේ පැමිණිල්ල විසින් කැඳවන ලද පළමුවන සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත්, ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පැවසු බවයි.

ඒ අනුව අදාළ නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු කිරීමට තමන් අපෙක්ෂා නොකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදි අධිකරණය හමුවේ සාක්ෂිදුන් පළමු සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම මෙසේ පැවසුවා.

“මල්වානේ ඉඩමේ නිවස හදපු බව මා පිළිගන්නවා. ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ තොරතුරු මා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන්නා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙම නඩුවට අදාළව මා පැමිණිල්ලක් කළේ නෑ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා මාව එක්කගෙන ගිහින්. ගේ හැදුවේ මමද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. එම ඉදිකිරීමට අදාළව මට මිලියන 30ක් මුදිත ජයකොඩිගෙන් ලබාගැනීමට නියමිතව තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිව්වා මට ඒ මුදල් ආපසු අරන් දෙන්නම් කියා. ඊට අදාළව මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මෙම නඩුවට අදාළව මම එෆ්.සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කළේ නැහැ. “

මෙහිදි පැමිණිල්ල නියෝජනය කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සාක්ෂිකරුට ඔහු ලබාදුන්නේ යැයි පැවසෙන ප්‍රකාශය පෙන්වා සිටියා.

එය පරික්ෂා කළ සාක්ෂිකරු මෙසේ පැවසුවා.

” මෙපමණ දිග ප්‍රකාශයකට මම අත්සන් කළේ නෑ. මා විසින් ලබාදුන්නේ කෙටි ප්‍රකාශයක්. එම ප්‍රකාශය මොනවා තිබුණාද මම දන්නෙත් නැහැ. මට එය කියවන්න දුන්නේ නැහැ. මගෙන් අත්සන් ගත්තා.ඒ නිසා ‍මෙම ප්‍රකාශයේ තිබෙන අත්සන මා පිළිගන්නේ නැහැ.“

ඒ අනුව සාක්ෂිකරු පවසන අන්දමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සාක්ෂිකරු මෙම නඩුවට අදාළව පැමිණිල්ලක් සිදුකර නොමැති බැවින් හා ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිනොගන්නා බැවින් මින් ඉදිරියට මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවත් පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මහාධිකරණය හමුවේ පැවසුවා.

එහිදි සැක්කාර බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයින් ඉල්ලා සිටියේ පැමිණිල්ල විසින් නඩුව අවසන් කරනු ලැබ ඇති හෙයින් තම සේවාදායකයින් චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීමට අදාළ තීන්දුව ලබාදිම මැයි මස 13 වනදා දක්වා කල් තැබීමට ගම්පහ මහාධිකරණය නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...