29 C
Colombo
Tuesday, May 7, 2024

දිය කෙළි කෙළින නාමල් ගෙදර යන්න..! – නිදහස් පක්ෂයෙන් සැර උත්තරයක්

- Advertisement -

අද රට පත්ව තිබෙන තත්වය හමුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වී රටට ආදර්ශයක් දිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොව රාජපක්ෂ පවුලේ අය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉල්ලා අස් වී රටට ආදර්ශයක් ලබා දිය යුතු බවට නාමල් රාජපක්ෂ කර ඇති ප්‍රකාශය සම්බන්ධ අදහස් දක්වමින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ රට ගිනිගෙන තිබෙන මොහොතක විදේශයන්ට ගොස් ජල ක්‍රීඩාවේ යෙදෙන නාමල් රාජපක්ෂ තම පක්ෂයේ ඇමතිවරුන්ට ඉල්ලා අස් වී ආදර්ශයක් ලබා දෙන්නැයි කළ ප්‍රකාශය විහිලු සහගත එකක් බවයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වී ජනතාව අන්ත අසරණව සිටින මේ වැනි ඛේදනීය තත්වයක දී රට රටවලට ගොස් ජල ක්‍රීඩා කරන නාමල් රාජපක්ෂ වැනි අය මුලින්ම ඉල්ලා අස් වීම රටට වැදගත් බවයි.

නාමල් රාජපක්ෂ වැනි අය කැපකිරීම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ රටෙන් ඉල්ලා සිටින්නේ තවමත් පෙට්‍රල් ලීටරයකට කිලෝ මීටර පහක් හයක් හෝ ධාවන කළ නොහැකි අධි සුඛෝපභෝගී වාහන පමණක් පාවිච්චි කරමින් සකල විධ සැප සම්පත් සහිතව ගෙවන කුමාර ජීවිතයේ වියදම ශතයකින්වත් අඩු කර නැති වටපිටාවක බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට විධිමත් සැලසුමක් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම්වල දී එවැනි සැලැස්මක් හෝ අභියෝග ජයගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ කිසිම සාකච්ඡාවක් පවත්වා නැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...