32 C
Colombo
Sunday, May 5, 2024

ආණ්ඩුව හදන්න උදව් කළාට මට දේශපාලනය තේරෙන්නේ නැහැ – ජයසේකර අපෝන්සු

- Advertisement -

තමන්ට වැඩිය දේශපාලනය නොතේරෙන බවත් මේ මොහොතේ ඇත්තේ භාණ්ඩාගාරයේ හිස්කමක් බවත් ප්‍රවීණ රංගනවේදී ජයසේකර අපෝන්සු මහතා පවසනවා.

ඒ ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකළා.

“දැන් මොකද වෙන්නේ කියලා හැමෝම ඇහුවා. ඇත්තටම ඒ්කත් අපිට ප්‍රශ්නයක් තමයි. හැම තැනම පෝලිම්. මාත් ටෙලි නාට්‍යයක රඟපාලා තමයි යාන්තන් දැන් ජීවිතේ ගෙනියන්නේ. මගේ ජීවිතේ ගත්තත් කොරෝනා වසංගතය නිසා මහා විශාල වෙනස්කම් සිද්ධ වුණා. කොරෝනා හින්දා හිතවතුන් පවා ඈත් වුණා. ආණ්ඩුවෙන් හොඳ දේවල් කරගෙන ආවා. නමුත් කොරෝනා වසංගතය නිසා ඩොලර් නැතිවීමත් නිසා ආණ්ඩුවට විශාල ප්‍රශ්න ආවා. මේක ආකල්පමය වෙනසක් නැතුව දේශපාලකයන් තම තමන්ම හදාගන්න ගිහිල්ලා තමයි මේ දේ වෙලා තියෙන්නේ.

හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා යුද්ධය ලස්සනට ඉවර කළා වගේ රටේ සංවර්ධන යුද්ධයත් ඉවර කරන්න තමයි බලාපොරොත්තුවෙන් ආවේ. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා. ගෑස් නැව් ඇවිල්ලා මුහුදේ තියෙනවා. තෙල් නැව් ඇවිල්ලා තියෙනවා. ඒ්වා ගන්න සල්ලි නැහැ. මිනිස්සු හරියට දුර්වල වෙලා. මම දැන් දර ලිපේ උයනවා. මම කුප්පි ලාම්පුවටත් ඔට්ටු කෙනෙක්. මම දේශපාලනය ගැන වැඩිය දන්නේ නැහැ. උදව් කරන්න ගියාට මට තේරෙන්නෙ භාණ්ඩාගාරයේ හිස්කමක් තමයි එතන තියෙන්නේ. මිනිස්සු ඒක තේරුම් අරන් පොඩි උදව්වක් කරනවා නම් හොඳයි කියලා තමා මම හිතන්නේ.”


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...