29 C
Colombo
Saturday, May 4, 2024

පොලිස් පහරදීම්වලින් මාධ්‍යවේදීන් රැසකට තුවාල (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලින් දැඩි තුවාල ලබා තිබෙනවා.

පහරකෑමට ලක්වූ එක් මාධ්‍යවේදියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

සිදුවීම වන අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එම සිදුවීම රූගතකරමින් සිටින අතරවාරයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල පහරදීම්වලට ලක්ව තිබුණා.

පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර එම අවස්ථාවේදී එම සිදුවීම රූගත කරමින් සිටි මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු පොලිස් පහරදීම්වලින් තුවාල ලබා තිබෙනවා.

ඔහුව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහද පොලිස් පහරකෑම්වලට ලක්ව තුවාල ලබා තිබුණා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...