29 C
Colombo
Friday, May 3, 2024

ඉහළින් ලැබෙන අනීතික තීරණ ක්‍රියාත්මක කොට පසුතැවෙන්නට එපා – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

- Advertisement -

දේශපාලකයන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට ගොස් අමාරුවේ නොවැටෙන ලෙස සියලුම ආරක්ෂක සමාජිකයන්ට තමන් දැනුම්දෙන බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අවධාරණය කරනවා.

රට තුළ වූ වර්තමාන උද්ගතවී ඇති තත්ත්වය සහ ආරක්ෂක අංශ වල කාර්යභාරය පිළිබඳ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය සහ ජාත්‍යන්තර අධිකරණ නඩු විභාග කිහිපයක් උදාහරණ සහිතව මතු කර දක්වමින් ඔහු සඳහන් කරන්නේ ආරක්ෂක අංශ සමාජිකයන් බැඳී සිටින්නේ දේශපාලකයන් හෝ නිලධාරීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නොව රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.

එසේ නොකළහොත් රට තුළ බල හුවමාරුවක් සිදු වූ වහාම සිදු කෙරෙන පරීක්ෂණවලදී හෝ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ යාන්ත්‍රණයන් වල දී වරදකරුවන් බවට පත්වී දඬුවම් විදීමට අනිවාර්යයෙන්ම ඔවුන්ට සිදුවනු ඇති බව ද ඔහු අවධාරණය කරනවා.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතා පෙළපාලිය අතරතුර අංක තහඩු රහිත යතුරුපැදි වල නැගී පැමිණි යුද හමුදා සමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අදහස් පළ කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින්ට සහ ස්ථාන වලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරින් යෙදවීමේදී මගින් මේ වන විට පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගෞරවය බරපතළ අයුරින් කෙළෙසීමට ලක් කර ඇති බවද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...