26 C
Colombo
Tuesday, May 7, 2024

පුළුවන්නම් අත තියලා බලපං හාමුදුරුවෝ කෙනෙක්ට – ඉත්තෑකන්දේ හිමි (VIDEO)

- Advertisement -

මේ වන විට පාරට බැස ආණ්ඩුවට එරෙහිව අරගල කරමින් සිටින්නේ 69 ලක්ෂයේ පිරිසට එරෙහිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

කොන්දක් ඇතිනම් ඊට එරෙහිව 69 ලක්ෂයේ පිරිසද පාරට බැස පෙන්විය යුතු බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.

උන්වහන්සේ ඇතුළුව 69 ලක්ෂය නිර්මාණය කරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත්වීමට ඉඩ නොදෙන බවද සද්ධාතිස්ස හිමියන් පවසනවා.

සද්ධාතිස්ස හිමියන් මෙම අදහස් පලකළේ ‘ව්‍යාජ ජනමතයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු ‘ යන තේමාව යටතේ ඊයේ (12) පැවති විරෝධතා රැළියට සහභාගී වෙමින්.

ගෝල්ෆේස් පිටියේ සාද දමන විරෝධතාකරුවන්ට හැකිනම් මෙම එක් භික්ෂූන්වහන්සේ නමකට හෝ අත තබා බලන ලෙසට සද්ධාතිස්ස හිමියන් ආරාධනා කරනවා.

තිස් අවුරුදු යුද්ධයක් පැවති කාලයේදී හෝ පාරට නොබැස්ස කාදිනල් හිමියන් දැන් පාරට බැස ආණ්ඩුව පෙරළීමට උත්සහ කරන බවද උන්වහස්නේ වැඩිදුරටත් පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...