32 C
Colombo
Monday, May 6, 2024

නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්

- Advertisement -

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ නම් නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා වී තිබෙනවා.

නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණත් එම ලිපිය ජනාධිපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වුණා.

කෙසේවෙතත් රංජිත් සියඹලාපිටිය මහතා පසුව දැනුම්දුන්නේ තමා තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු නොකරන බවයි.

ඒ අනුව එළඹෙන මැයි මස 4 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ පළමු කාර්යභාරය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කිරීමයි.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...