33 C
Colombo
Saturday, May 4, 2024

ජනපති අදත් අනුරාධපුරයේ

- Advertisement -

‘ගම සමග පිළිසඳර’ වැඩසටහන අද (30) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, කණුගහවැව ග්‍රාමයෙහි පැවැත්වුණා.

2020 සැප්තැම්බර් 25 වැනි දින මෙම ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙනි.

මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

වැඩසටහනේ දෙවැන්න 2020 ඔක්තෝබර් 02 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ගම්මානයේ දී ද, තෙවැන්න දෙසැම්බර් 18 වැනි දින බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගම්මානයේ දී ද පැවැත්වූවා.

අද (30) පැවති පිළිසඳරේදී තල්ගහවැව, හල්මිල්ලවැටිය, තම්මන්නෑව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම්දීම සඳහා රැස්ව සිට‍ියා.

මෙහිදී රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවයදීම බව සඳහන් කළ ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙසත් දේශපාලන අධිකාරියේ පූර්ණ සහය ඔවුනට හිමිවිය යුතු බවටත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම 2012 වසරෙන් පසු Google සිතියමට අනුව රක්ෂිත මායිම් සලකුණු කිරීමේ දී අවශේෂ කැලෑ ලෙස හදුනාගෙන ඇති ස්ථාන වහාම නිවැරදි ලෙස ජනතාවට වගා කටයුතු සඳහා ලබාදීමටද මෙහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් වරින් වර ජනාධිපතිවරයා අනුරාධපුරයට යෑම පිළිබදව විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක්වුණා.
ඒ අතර ආණ්ඩුවට හිතවත් භික්ෂූන්වහන්සේලාද වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...