29 C
Colombo
Friday, May 3, 2024

කතානායක කාර්යාලය වසා දමයි

- Advertisement -

කථානායක කාර්යාලයද වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොරෝනා වැලඳී හේතුවෙන්.

මෙම ආසාදිත උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයටද ගොස් මුද්දර මිලට ගෙන ඇති බැවින් එම තැපැල් කාර්යාලයද වසා දමා තිබෙනවා.

එමෙන්ම ඔහු ගමන් කළ පාර්ලිමේන්තු විදුලි සෝපානයේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුද ගමන් කර ඇති බව CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති බව සඳහන්. මේ හේතුවෙන් කථානායක කාර්යාලය, තැපැල් කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයද ඇතුළුව පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුගේ පමණ පී.සී.ආර්.PCR පරීක්ෂණ අද (31 ) සිදු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.

අදාල ආසාදිතයන් දෙදෙනා පැමිණ ඇති ස්ථාන කිහිපයකට කතානායක මහින්ද යාපා ගොස් ඇති බැවින් ඒ මහතාද මේ වන විට නිරෝධායනය යොමුව ඇත. ඊට අමතරව කතානායක නිල නිවසේ නිලධාරීන් 10 ක් සහ ප්‍රභු ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙකුද කතානායක නිල නිවසේම මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...