27 C
Colombo
Friday, May 3, 2024

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

- Advertisement -

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

අද (22) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ දේශපාලඥයින් සිදුකරන කිසිදු ප්‍රකාශයක් මේ වන විට මහජනතාව සැලකිල්ලකට නොගන්නා නිසාවෙන් හානිය අවම බවයි.

පසුගියදා එක්තරා දේශපාලකයෙක් එළැඹෙන ජූනි 01 වනදා සිට විදුලිය විසන්ධි කිරීම නවතා දැමෙන බවට සදහන් කළත් එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරියේදී පැය 15 ක කාලයක් දක්වා විදුලිය විසන්ධි කිරීමට ඉඩ ඇති බවට දේශපාලඥයෙක් සඳහන් කළද එයද අසත්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

පසුගියදා ජාතිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඉදිරියේදී පැය 15 දක්වා විදුලිය විසන්ධි කිරීමට වුවත් සිදුවිය හැකි බවයි.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...