32 C
Colombo
Tuesday, May 7, 2024

මෝදි කියන නිසා සුළං විදුලි බලාගාරේ අදානිට දෙන්න කියලා ජනපති කිව්වා

- Advertisement -

පසුගිය නොවැම්බර් 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවා මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන ආදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය වුණා.

එහිදී එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අදාළ සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

කෙසේවෙතත් එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් බැවින් ඊට තමන්ට මැදිහත් විය නොහැකි බව දන්වමින් හා ජනාධිපතිවරයා අදාළ බලාගාරය ඉන්දීය සමාගමට ලබාදෙන්නැයි නියෝග කරන බව සඳහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තමන් ලිපියක් යොමුකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළා.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...