30 C
Colombo
Sunday, May 26, 2024

එයාලා යාල බලන්න ගියා කියලා අපි දැනගත්තෙත් මාධ්‍යවලින් – සංචාරක අධිකාරිය

- Advertisement -

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට හා මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට සංචාරය කර ඇති බව තම අධිකාරියද දැනගනු ලැබූවේ ජනමාධ්‍ය වාර්තා මඟින් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය විසින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමු කරන ලද ලිපියක සදහන් වුණේ තල්මසුන් නැරඹීම සදහා සදහා පෞද්ගලික බෝට්ටුද යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා සෆාරි ජීප් රථ 28 ක්ද සංවිධානය කර ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බවයි.
අදාල සංචාරයට සම්බන්ධවන රියදුරන් හා මාර්ගෝපදේශකයන් ඇතුළු සවිස්තරාත්මක විස්තර සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමට මෙම සංචාරක සංවිධායකයින් කාර්ය සාධක බලකා රැස්වීමේදී එකඟ වුවද එම කිසිදු තොරතුරක් තවමත් තම අධිකාරියට ලැබී නොමැති බවද අදාල ලිපියෙහි සදහන්.
ඊට අදාල තොරතුරු ලබා ගැනීමට කළ සියලු උත්සහයන් මේ වන විටත් නිශ්ඵල වී ඇති අතර සංචාරකයින් ගෙන්වීමට කටයුතු කල සංවිධායකයින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ කටයුතු නොකරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
අදාල සංචාරකයින් හා ඔවුන්ගේ සංචාරයන් පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය මෙම ලිපිය මගින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ව්‍යාජ මැණික් විකුණන්න ගිය 6ක් පොලිස් දැලේ

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට...

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (25) එම සිදුවීම වාර්තා වී තිබුණේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර...

වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අනතුරක. අයෙක් මරුට

වන්දනා ගමනක් යමින් සිටියදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...