29 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දීය නියෝජිතයින් දිවයිනට

- Advertisement -

ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ මෙරටට ලබා දෙන ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතායි මෙම ධුත පිරිසේ නායකත්වය දරන්නේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් මහතා, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපයේ සම ලේකම් කාර්තික් පාන්ඩේ මහතා අනෙකුත් නියෝජිතයන් වනවා.

මෙම පිරිස ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයෙන් අද පෙරවරු 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ අතර මේ වනවිට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා.

තවද, මෙම දූත පිරිස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග එක්ව මෙරට ආර්ථික තත්ත්වය සහ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සහය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ජනපති හමුවේ පැවසූ බවත් වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ දැනට ඩොලර් බිලියන 4ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවයි.

”අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපිට ණය දෙන්න බැහැ. අනික් අතට අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. නැති වුණොත් කවුරුත් අපිට පිනට සල්ලි දෙන්නේ නැහැ. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්නා. දැන් ඉන්දියාවෙ බැංකුවලත් ප්‍රශ්න තියෙනවා”

ඔවුන් අද පස්වරු 06 ට පමණ නැවතත් ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...