33 C
Colombo
Saturday, May 4, 2024

Breaking: නොනිල වශයෙන් රට ලොක්ඩවුන්

- Advertisement -

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබෙනවා.

අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළා.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එළඹෙන 10 වනදා දක්වා කෙටිදුර සඳහා අවශ්‍යකරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.

මේ අතර පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනා ගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ හා තදාසන්න ප්‍රදේශවල සියලු පාසල් හා සෙසු ප්‍රධාන නගරවල පාසල් ජුලි මස 10 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අනෙක් ප්‍රදේශවල පාසල් පැවැත්වීම සමබන්ධයෙන් තීරණ ගැනීම විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවද මෙහිදී සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...