31 C
Colombo
Saturday, May 4, 2024

ගොන් කරත්තෙන් ගමන් යන ශ්‍රී ලංකාවට නව තාක්ෂණ අමාත්‍යාංශයක්..!

- Advertisement -

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබෙනවා.

මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබූ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දිවුරුම් දීමත් සමග තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වන අතර ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම, ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් ඇතුළත් වනවා.

මේ අතර, ලබන මස 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් ගමනාගමන කටයුතු බොහෝ දුරට අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම එළඹෙන 10 වනදා දක්වා නගරාසන්න පාසල් වසා තැබෙන අතර ග්‍රාමීය පාසල් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, ඉන්ධන හිඟයත් සමඟ සිය ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේදයන් ලෙස ජනතාව පාපැදියට යොමුව ඇති අතර යාපනය ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අශ්ව සහ ගොන් කරත්ත භාවිතයට යොමුව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...