27.9 C
Colombo
Tuesday, April 30, 2024

මේ ෆැසිස්ට්වාදී තර්ජන අපි නැති කරන්න ඕනේ..! – වැ.බ.ජ. රනිල්

- Advertisement -

මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිහ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ කුමන තත්වයක් යටතේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතු බවයි.

තමා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් බවද ඔහු පවසනවා.

අරගලයේ නියුතු ඇතැම් පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කළයුතු බවට යෝජනා කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ කටයුතු කළ නොහැකි බවත්, ෆැසිස්ට්වාදීව කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා අද දිනය තුළ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස් වී නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය, පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ ආකාරයෙන්ම සිදුවන බවත් පෙන්වා දෙන වික්‍රමසිංහ සඳහන් කරන්නේ එතෙක් රට ෆැසිස්ට්වාදය කරා යාමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාම තමාගේ වගකීම බවයි.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...