33 C
Colombo
Thursday, May 2, 2024

ප්‍රචණ්ඩ උනොත් අපි බලය පාවිච්චි කරනවා..! – යුද හමුදාව

- Advertisement -

ආරක්‍ෂක හමුදාවට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරනවා.

නොඑසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව ආරක්‍ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව අවධාරණය කරන්නේ.

තවද, මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන ,මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාව, එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බවත් එවැනි තත්ත්වයකදී උදාවිය හැකි ආදීනවයන් පිළිබඳ වගකීම ,ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බවත් අදාළ නිවේදනයෙන් අධාරණය කර තිබෙනවා.

යුද හුමදාව පවසන්නේ, විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් ඊයේ (13) ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කතානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් ග්‍රහණයට ගැනීමට උත්සහ කළ බවයි.

පිරිස ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට උත්සාහ කළ බවත්, ඔවුන් සන්තකයේ තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.

හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්, භට පිරිස් අත තිබූ ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමග උදුරාගෙන ඇති බවයි යුද හමුදාව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එහිදී බරපතළ තුවාල ලැබූ හමුදා සමාජිකයින් දෙදෙනෙකු සහ අනෙකුත් භට පිරිස් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද අදාල නිවේදනයේ සඳහන්.

යුද හමුදාව පවසන්නේ,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස වැඩ බලන ජනාධිපති, කථානායක සහ දේශපාලන පක්‍ෂ නායකයින් සම පැවති රැස්වීම්වලදී අවධාරණයෙන් ඉල්ලා සිටි බවයි.

ඒම සාකච්ජාවලදී සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී, මහජන දේපළවලට හානි නොකරන තාක්කල් ,පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළ යුතු බවට එකඟතාව පළ වූ බව ද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...