32 C
Colombo
Monday, May 6, 2024

රන්ජන්ට රනිල්ගෙන් නිදහස

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්න් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වූ පසුව ඊයේ(15) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙම කරුණ පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ සදහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාල සියලුම ලේඛන සකස් කර අවසන් බවයි.

ඒ අනුව ගත යුතු ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගෙන රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වැඩ බලන රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බවට වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...