29 C
Colombo
Thursday, May 2, 2024

අනීතිකව අත්අඩංගුවට ගත් අය මුදාහරින්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

- Advertisement -

ආරක්ෂක අංශ කොළඹ ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතා ස්ථානයට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් පිළිගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා.

පොලිසිය සහ ආරක්ෂක අංශ අද (22) අලුයම් කාලයේ දී ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී ඇති බවටත් විරෝධතා කෙරෙන ස්ථානය වටලා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මෙය කිසිසේත් පිළිගත නොහැකි බව අවධාරණය කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, බලධාරීන් වහාම පසුබැසිය යුතු බවත් අවධාරණය කරනවා.

එපමණක් නොව විරෝධතා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා බලධාරීන් වහාම මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දැමිය යුතු බවත් අනීතික ලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුදාහැරිය යුතු බවත් එම සංවිධානය පවසනවා.

එමෙන්ම බලධාරීන් මාධ්‍යයේ නිදහස ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මාධ්‍යවේදීන්ට ‘ගෝඨාගෝගම’ට යෑමට ඉඩ දිය යුතු බවත් අවධාරණය කරනවා.

ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ නොදීම මාධ්‍යයේ නිදහස සෘජුව උල්ලංඝනය කිරීමක් යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...