33 C
Colombo
Tuesday, April 30, 2024

රනිල්ට නව මාධ්‍ය උපදේශකවරු දෙදෙනෙක්

- Advertisement -

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් තවත් පත්කිරීම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙසත් පත්කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධූරය ද දැරීය.

ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධූරය ද හෙබවීය. ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, තායිලන්තයේ
ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනිවා සහ නිව්යෝර්ක්හි කටයුතු කර ඇත.


RECENT ARTICLES - SINHALA

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017 වර්ෂයේ මැයි මස 2වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...