26 C
Colombo
Tuesday, April 30, 2024

මෙරට දසදෙනෙකුගෙන් තිදෙනෙකු ආහාර අනාරක්ෂිත තත්ත්වයක – UN

- Advertisement -

මෙරට පුද්ගලයින් දසදෙනෙකුගෙන් තිදෙනෙකු ආහාර අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදේනේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ගැබිනි සහ මව්කිරි ලබාදෙන කාන්තාවන් දැඩි ලෙස පීඩාවටට පත්ව ඇති බවයි.

අවුරුදු 5ට අඩු දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයින් ද දරුණු ලෙස පීඩාවට පත්ව සිටින අතර වයස අවුරුදු 5ට අඩු ළමුන් වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට වඩා ඉහළ මන්දපෝෂණ අනුපාතිකයින් පෙළෙන බව ද එම නිවේදනයේ සඳහන් ය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආහාර උද්ධමනය සියයට 90වට වඩා ඉහළ මට්ටමකට පැමිණ ඇති බැවින් ජීවනනෝපායන් සහ ආහාර සුරක්ෂිතතා වැඩසටහන්වලට බාධා පැමිණ ඇති බැවින් මිලියන ගණනක ආහාර අනාරක්ෂිතභාවයට ගොදුරු වී ඇති බව එක්සත් ජාතතින්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මිලියන 6.3කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අවශ්‍යව සිටින අතර මිලියන 1.5කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...